රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Thursday, October 23, 2014

නොයෙක් ප්‍රාතිහාර්ය පෙන්වන මේ ගරාවැටුන චෛත්‍ය රාජයන් වහන්සේ නැවත ගොඩ නගමු ...


පින්වත් යාලුවනේ ඔයාල දන්නව පහුගිය කාලෙ අපි කල පින්කම්. මේ පිලිබද මේ බ්ලොග් එක පුරාවටම දැනගන්න පුලුවන්.
www.sasuna.blogspot.com

අපේ පිටුවට එක්වන්න.
www.facebook.com/buddhist.foundation

පින්වත් යහලුවනේ මේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ගරා වැටුන තැනක්. මෙතන ඉතාම හාස්කම් බහුල තැනක්. මුස්ලිමුන් මේ මුලු ගමම අල්ලගෙන ඉන්නෙ. ඒත් කාටවත් මේ චෛත්‍යය පිහිටි භූමියට අත තියනව තියා පස් පිඩැල්ලක් හෝ ගල් කැටයක්වත් ගෙනියන්න බැහැ. ඒ තරමටම එතන ආරක්ෂාවක් තියෙනව. එහෙම ගෙනිච්ච සමහර ඇත්තන්ගෙ කකුල් අත්පා කැඩිල, තවත් අයට කලු බල්ලො රැලක් පන්නල. ඉතින් සමහර අය දැකල තියෙනව මේ ස්තානයෙන් නොයෙක් ආලෝක විහිදෙනව. තැන අහන්න එපා. දැන්ම තැන හෙලි කරන්න විදිහක් නැහැ.

අපි එතෙන්ට ගියාම ගමේ හැමෝම බය වෙලා අපි නිදන් හාරන්න ආව කියල. මට මලක් පහනක්වත් පූජ කරන්න ඉඩ දුන්නෙ නැහැ. මගෙ ස්ථිර අධිෂ්ඨාවය මෙතන නැවත මේ චෛත්‍යරාජයන් වහන්සේ ගොඩ නගනවමයි කියන එක. මම ඒ සදහා සුදුසු වැඩ පිලිවෙලක් කල්පනා කරල තියෙන්නෙ. මේ වෙනුවෙන් යමක් කලහැකි බලයක් ඇති කෙනෙක් ඉන්නවනම් කරුණාකරල මා අමතන්න. 0712933180

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ...

'

Sunday, October 5, 2014

දිලිදු පාසැල් දරුවන් වෙනුවෙන් පාවහන් යුගලක් ලබාදෙන්න ඔබත් දායක වන්න.



පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව. ඒ පිලිබදව මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක මේක.

https://www.facebook.com/buddhist.foundation

පසුගියදා පාසැල් නිල ඇදුම් ලබාදුන් අවස්ථාවේ පුංචි දරු දැරියන් පැමිණ අපට ආචාර කරමින් යන අවස්ථාවේ සෙරෙප්පු දෙකක් පමණක් දමාගත් පුංචි දුවක් ආව. “ දුවේ ඔයාට සපත්තු දෙකක් නැද්ද ? ” මම ඇහුව. “ නැහැ මාමෙ.” පුංචි දූ පොඩ්ඩ දුකින් වගේ කිව්ව. සියලු පුංචි උන් මේ විදිහට යද්දියි මම දැක්කෙ පුංචි උන් බොහෝ දෙනෙකුට පාවහන් දෙකක් නැහැ. සමහර පුංචි උන්ගෙ සපත්තු කැඩිල ගිහිල්ල. අනේ ඒ පුංචි දූ පුතුන්ට සපත්තු දෙකක් අරන් දෙන්න විදිහක් තියෙනවනම් ... පුංචි පැටව් වෙනුවෙන් පාවහන් 60ක් ඕනි වෙලා තියෙනව. පුංචි දරුවොන්ට මේ වෙනුවෙන් රු 75,000/- ක් විතර ඕනි වෙනව. මේ පාසැල තියෙන්නෙ කුරුණෑගල ප්‍රදේශයේ. මේ වෙනුවෙන් ඔයාලත් දායක වෙන්න. 071 2933180 කියන්නෙ මගෙ දුරකථන අංකය. මට කථා කරන්න. මම සියලු විස්තර දෙන්නම්.

පහත දැක්වෙන්නෙ අපි සිදුකල පින්කම් සමූහයක්. මේ පින්කම් බලල ඔයාලත් කැමතිනම් අපිට මේ වෙනුවෙන් දායක වෙන්න.

http://www.sasuna.blogspot.com/2013/09/blog-post_3539.html

http://www.sasuna.blogspot.com/2013/10/blog-post_10.html

http://www.sasuna.blogspot.com/2013/10/blog-post_11.html

http://www.sasuna.blogspot.com/2013/12/blog-post_28.html

http://www.sasuna.blogspot.com/2014/02/blog-post_13.html

http://www.sasuna.blogspot.com/2014/06/blog-post_23.html

http://www.sasuna.blogspot.com/2014/09/blog-post_16.html

වැඩි විස්තර සදහා මා අමතන්න. 071 2933180

සත්වයා කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් වන මා විසින් ගෞතම බුදු සසුන තුල මෙය පලකල වගයි ...

Friday, February 14, 2014

ඉපැරණි චෛත්‍යරාජයන් වහන්සේ සංවර්දනය කරමු.





ආයුබෝවන් පින්වත් යාලුවනේ. පහුගිය කාලෙ සිදුකල පින්කම් නැවත මතක් කරන එකනම් අවහය නැහැ. නමුත් එයින් ඔබ කල කුසලයන් පිලිබද අප්‍රමාන සතුටක් ජනිත වෙනව නේද? අන්න ඒක තමයි යාලුවනේ කුසලයක තියෙන බලය. බලන්න ඔබ නරක ක්‍රියාවක් කරල හිතින් දුක් විදිනවට වඩා මෙවන් යහපත් ක්‍රියා කලාම මොන තරම් සිතට සතුටක් ජනිත වෙනවද කියල. ශිෂ්ඨ සමාජය ඔබවැනි අයට සලකන්නෙ ඉතාම ඉහලින්.

හොදයි. අපේ වෙබ් ලිපිනය ඔයාල දන්නව ඇතිනෙ. නොදන්න අයටත් එක්ක මේ ලින්ක් එක දාමු.

www.sasuna.blogspot.com/


ඔතන තියනව අපි සිදුකල සියලුම පින්කම් සහ කෙරීගෙන යන පින්කම්.
මේ සියලු පින්කම් වලට පින්වත් යාලුවො බොහොම දෙනෙක් දායක උනා. මේ සියලු පින්කම් වල විස්තර සමග ඡායාරූප ඔබට දක්වල තියෙනව ඔබට බලන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි වියදම් උන මුදල්වල බිල් පවා පුලුවන් පුලුවන් විදිහට දක්වල තියෙනව. අනිත් කාරණේ අදාල විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ දුන්න ලිපියත් මේ එක්කම ඇති. ඔයගොල්ල දහදිය මහන්සියෙන් හරි හම්බකරන මුදල් පිනට දෙන්නෙ පිනක් බලාපොරොත්තුවෙන්. ඒ මුදල් අපි නිකරුනේ පරිහරණය කරන එක මහ අපරාදයක්. ඒ නිසා ඔබේ මුදල් වලට අපිත් රුපියලක් හරි දාලයි මේ පින්කම්වලට මුදල් බා‍ර දෙන්නෙ. ඔබ මේ පින් වැඩකට මුදල් වෙන් කලා කියන්නෙ ඒක බුද්ධ දේපලක් වෙනව. ඒව අපි අයුතු පරිහරණයක් කලොත් ඒක මහ අපරාධයක්. ඒ විතරක් නෙවෙයි. ඒක මහා භායානක දෙයක්. හරියට ගින්දර එක්ක වැඩ කරනව වගෙයි බුද්ධ දේපලත් එක්ක කරන පයුරු පාසානම.

යාලුවනේ අපි කලින් චෛත්‍යරාජයන් වහන්සේ නමක් පිලිසකර කරන්න මුදල් රැස් කලා. දැන් මේ දවස්වල ප්‍රතිසංස්කරනය කෙරීගෙන යනව. මේ බලන්නකො ලින්ක් එක.

http://sasuna.blogspot.com/2013/08/148-610.html


දැක්ක නේද? මේ පින්කමට මුදල් දුන්න ඔබට මොනතරම් සතුටක් දැනෙනවද ?

දැන් මේ දක්වල තියෙන චෛත්‍යරාජයන් වහන් ප්‍රමාණයෙන් ඉතාම කුඩයි. විෂ්කම්භය අඩි 11ක් පමණ වෙන්නෙ පාදම. ඉතින් ඒ චෛත්‍යරාජයන් වහන්සේත් හොදටම දිරලයි තියෙන්නෙ. හදල තියෙන සිමෙන්ති හොදටම දිරල ගිහින් තියෙන්නෙ. වසර කිහිලයක ඉදන් මේ පුංචි චෛත්‍යරාජයන් වහන්සේගේ හුණු ආලේපනය කරන්නෙ මම. ඉතින් චෛත්‍යරාජයන් වහන්සේ මතට ගොඩවෙනකොට සිමෙන්ති කෑලි කඩන් වැටෙනව. හරිම කණගාටුදායකයි.

ඉතින් පින්වත් යාලුවනේ මට හිතුන පින්වත් ඔබේ ආදාරය අරන් මේ චෛත්‍යරාජයන්වහන්සේ නැවත ප්‍රමාණයෙන් වාහල කරල හදන්න ඕනි කියල. ඒක මේ පන්සලේ විහාරාධිපති පූජ්‍ය සල්‍රපතේගෙදර මෙධංකර අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේගෙ සංකල්පයක්. පින්වත් යහලුවනේ අපේ පණ්ඩිත හාමුදුරුවො ඉතාම කරුණාවන්තයි. අපි ආගම දහම මගින් යම් හික්මීමක් සිදුකරගෙන ඇද්ද, මම මගේ ආගමට දහමට කොයිතරම් ආදරේ කරනවද, අපි රටට ජාතියට ආගමට කොච්චර වැඩ කරනවද ඒ සියල්ලේම ගෞරවය හිමිවෙන් ඕනි අපේ දලුපතේ ගෙදර පණ්ඩිත හාමුදුවන්ටයි. 
ඉතින් උන්වහන්සේගේ බලාපොරොත්තුව මේ චෛත්‍යරාජයන්වහන්සේ ප්‍රමාණයෙන් අඩි දෙක බැගින් අඩි හතරක් වැඩි කරල ඒ කියන්නෙ විෂ්කම්භය දැනට තියෙන අඩි 11 අඩි 21ට වැඩි කරල අලුතින් ඉදිකරන්න බලාපොරොත්තු වෙනව. ඉතින් ඒ සදහා පින්වත් ඔබට පුලුවන් අපිට දායකත්වය ලබාදෙන්න.

මේ වෙනුවෙන් පහත අයුරින් දළ ඇස්තමේන්තුවක් අපිට ලැබුන.

සිමෙන්ති කොට්ට - 150ක්
ලොකු ගඩොල් - 10,000ක්
වැලි කියුබ් - 08ක්
කලුගල් කියුබ් - 08ක්
මෙට්ල් (කොන්ක්‍රීට් ගල් ) කියුබ් - 03ක්

මීට අමතරව බාසුන්නැහැගෙ කුලිය අපිට වැදගත් වෙනව. ඒ මුදල ලක්ෂ පහක් පමණ වෙනව කියල සදහන් කලා. ඉතින් මේ වියදම් අපිට කාටවත් තනියම කරන්නනම් අමාර්වෙයි. හැබැයි අපි හැමෝම අත්වැල් බදගත්තොත් අපිට මේ වැඩ ටික ඉවර කරන්න පුලුවන් වේවි. ඔබට හැකියාවක් තියෙනවනම් ඉහත ද්‍රව්‍යයන් ලබාදෙන්න අපිට. 

දයාබර යාලු‍වනේ ලබන වෙසක් උත්සවයට කලින් අපිට මේ වැඩේ ඉවර කරන්න පුලුවන්නම් හරිම වටිනව. ඔබට පුලුවන්නම් මේ වෙනුවෙන් යම් දායකත්වයක් දරන්න කරණාකරල මා අමතන්න. මා ඔබට සියලු විස්තර ලබාදෙන්නම්. ( 071 - 2933180)

මා ඔබට ලබාදීල තියෙන්නෙ ස්වාමින්වහන්සේගේ ගිණුම් අංකය.
මහජන බැංකුව - 059-2-001-6-0006233
ශාකාව - කුරුණාගල

ස්වාමින්වහන්සේගේ දුරකථන අංකයන් මේව 
037 – 2243785
071 – 8439167

විශේෂයෙන්ම සදහන් කරන්න ඕනි මේවා දක බලා ඔබේ දෑතින්ම මේ පරිත්‍යාගයන් කරන්න පුලුවන්නම් හරිම වටිනව. පන්සලට පැමිණෙන්න හරිම ලේසියි. කොළඹ කුරුණෑගල පාර අයිනෙමයි තියෙන්නෙ.

හොදයි අපි දැන් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණයේ විපාක සලකා බලමු.

පලුමුවෙන් මෙහෙම පටන්ගනිමුකො. අපි හැමෝම බලාපොරොත්තු වෙනනෙ මෛත්‍රී බුදුන් දකින්නනෙ. එහෙනම් අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව. 

මෛත්‍රී බුදුන් දකින්නෝ කවරහුද යත් ... ... තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

දැක්ක නේද? මෛත්‍රී බුදුන් දකින්නෙ කවුද කියල. 

මේ බලන්න ...
මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධා පිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ. 

තවද මෙයින් දෙ අනූවන කපෙහි බුදුවූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහ වනයෙහි ඇතුන් විසින් පලුදු කරනු ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඩුම් බිඳුම් වලට බදාම හා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙඅනු කපක් මුළුල්ලෙහි අපමණ දෙවු මිනිස් සැප විඳ අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ “චණ්ඩ ඵුල්ලයන්ථෙර” යන නමින් හඳුන්වන ලදහ.

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම කියා නිමකල කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්
6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

මෙවන් මහානර්ඝ පින්කමක් සිදු කිරිමට එබටත් මේ අවස්ථාව ලැබි ඇත. ඔබත් කල් නොයාවාම අප හා සම්බන්ධ වන්න.

ගමේ පන්සල් රැකගැනිමට ඔබත් දාය වන්න. මන්ද මේ සසුන මෙතරම් රැකුනේ ගමේ පන්සල නිසාවෙනි.

අපි ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙමු.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා ... ... ...

මම ගෞතම සසුන් ලැදි එරන්ද ලක්මාල්ද සිල්වා ... ... ...

.



.
චෛත්‍යරාජයන් වහන්සේ    

                                             







.අසරණයෙකුට නිවසක් ලබාදෙමු.







පිනවත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. මේ ලිපිය පල කරල ආයිත් පින්කමක් කරන්න යන්න හදන්නෙ. ඔයාලට මතක ඇති අපි සැරියුත් මුගලන් පිළිම දෙකකට ආධාර ඉල්ලුව. පින්වත් යහලුවකුගෙ මාර්ගෙන් ඒ පිළිම අපිට ලැබුන. ඒ පිළිම අද පින්තාරු කරනව. ඒ වගේම පින්වත් නංගියෙක් ඕස්ට්‍රේලියාවෙ ඉදල අපිට සල්ලි එව්ව විහාරස්ථානයක පාර දිගට විදුලි ආලෝක කණු හිටුවන්න. ඒකෙ වැඩටික කරන්න යන්න තියෙනව අද. මේ ගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන් මෙන්න මේ බ්ලොග් අඩවියෙන්.


හොදයි පින්වත් යාලුවනේ අපිට මේ පින්කම් වලට ආධාර ලැබෙන්නෙ විදෙස්ගත පින්වත් යහලුවන්ගෙන්. මම ඒ අයට සියලුම විස්තර නිතර යවනව ඒ පින්කම් පිලිබදව. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒ මුදල් ලද බවට සහතික කල ලිපි, ඣායාරූප ආදිය සියල්ල යවනව. හදවතට එකගව එයාලගෙ මුදල් වලට නියම වටිනාකම ලබාදෙනව. අපිත් ඒ පින්කම්වලට පොඩි මුදලක් හරි වියදම් කරනව විනා ඒ මුදල් අයුතු පරිභොජනයක් කරන්නෙ නැ කියල දිව්රල කියන්න පුලුවන්. එයාල පින්කමකට සල්ලි දුන්න කියන්නෙ ඒක බුද්ධ දේපල ක්. බුද්ධ දේපල අයුතු පරිභොජනය කරන ඇත්තන්ට ආයි ඉතින් ආත්මයක්නම් නෑ. ඒ ඇත්තො දහදිය මහන්සියෙන් හම්බුකරන මුදල් පින්කම්වලට වියදම් කරන්න දීපුවම ඒව අපි ගසා කෑවොත් වැහි නැති අකුණු වදීවි අපිට. ඒ නිසා ඒ මුදල් අපි අයුතු පරිභොජනයක් කරන්නෙ නැතිව පුලුවන්නම් අතිනුත් මුදල් දාලයි ඒ පින්කම සම්පූර්ණ කරන්නෙ. ඒ අය සල්ලි දුන්න වෙලාවෙම වගේම පින්කමින් පසුවත් සතුටු සිතින් ඉන්නවනම් පින්කම හරියට කෙරුන කියල අන්න එතනයි අපි ලබන සතුට තියෙන්නෙ.

හොිදයි, අද මම තවත් පින්කමක් පිලිබදව දැනුම් දෙන්නම්. මේ පින්තූරෙ දක්වල ඉන්න අසරණ මනුස්සය මන්ද මානසික රෝගියෙක්. ඔහුට හරි හමන් රැකියාවක් නෑ. එදිනෙදා කුලී වැඩ කරන්නෙ. එයාගෙ බිරිදට රැකියාවක් නැ. පුංචි පුතා පාසැල් යනව. දෙවෙනි වසරෙ විතර ඉන්නෙ. මේ අයට ඉන්න හිටින් තැනක් නැ. ඉන්නෙ අනුන්ගෙ ඉඩමක මේ පැල්පත අටවගෙන. ඒකත් නිතර තෙමෙනව. හරිහමන් වැසිකිලියක් නෑ. ලිදක් නෑ. වතුර ගේන්නෙ ඈතින්. සමහර දාට බිරිදගෙ අම්මත් ඇවිත් මේ ගෙදර ඉන්නෙ. හරිම දුකක් විදින්නෙ මේ අය. මේ ජීවන වියදමත් එක්ක එයාලට ගෙයක් කියන්නෙ හීනයක්. පුතා පුංචි නිසා ලාම්පු එළිය ටිකක් භයානකයි. ඒ නිසා පින්වත් මහත්තයෙක් මෙ පැල්පතට විදුලිය අරන් දීල තියෙනව. හැබැයි නිකන් නෙවෙයි. ඒ සල්ලි දීල තියෙන්නෙ ණයට. මෙයා ඒ මහත්තයගෙ වත්තෙ හැමදාම වැඩකරනව. එයා මෙයාගෙ පඩියෙන් අර මුදල් කපනව.

මේ ඇත්තන්ට බනින්න එපා කම්මැලි නිසා දුප්පත් වෙලා ඉන්නෙ කියල. මෙයා මානසික රෝගියෙක්. මෙයාට පුලුවන් කියන දෙයක් කරන්න විතරයි. කල්පනා කරල වැඩක් කරන්න හැකියාවක් නෑ.

පින්වත් යාලුවනේ අපි මොනතරම් නම් අපරාදෙ මුදල් වියදම් කරනවද? ලක්ෂ ගණන් විනෝදය උදෙසා අපි වැය කරනව. කිසිම ඵලක් නැති දේවල් වලට. ඔයාල පීසා හට් කනකොට මේ අසරණයො සම්බෝලයි බතුයි වත් කන්න නැතිව දුක් විදිනව. ඔයාල සුව පහසු ඇදන්වල මහ දවල් වෙනකම් නිදියද්දි මේ අසරණයො කඩමලු පැදුරෙ ගුලිවෙලා ඉදල පාන්දර කහට එකක් බීල වැඩට යනව. ඔයාල දවසගානෙ ඇදුන් මිලදී ගනිද්දි මේ අසරණයො අනුන්ගෙන් ඉල්ලගත්ත ඇදුම් කඩමලු ඇදන් ඉන්නව. පුංචි පුතා ලොකු වෙද්දි එයාට තව කොච්චර වියදම් යනවද? ඉතින් මේ ඇත්තන්ට ගෙවල් දොරවල් හදනව කියන්නෙ හීනයක් විතරයි.

අපිට පුලුවන්නම් ඉඩමක් අරන් මේ අසරනයන්ට නිවසක් හදල දෙන්න ඒක මහ පින්කමක් වේවි. අපිට අතට මුදල් එවන්නෙ නැතිව ඔයාලම ඇවිත් මේ දේවල් ඇස්වලින්ම බලල දැකල උදව් කරන්න පුලුවන්නම් හරි වටිනව. එහෙම කරනවටයි අපි වැඩිපුරම කැමති. එහෙම නැතිනම් ඔබ විදේශගත කෙනෙක්නම් අපි අතට මුදල් දෙන්නෙ නැතිව ගෙවල් හදන්න බාරගන්න කොන්ත්‍රාත් සමාගමකට බාරදීල අපිට මේ වැඩේ කරල දෙන්න පුලුවන්නම් ඒකත් හරිම වටිනව. මේ ඉඩමක් වෙන්දේසි කරනව.  පර්චස් පහලොවක් පමන රුපියල් 150,000/- කට විතර ගන්න පුලුවන්. කිහිප දෙනෙක් එතුවෙලා හරි මේ පින්කමට සිදු කරන්න පුලුවන්නම් හරිම වටිනව.

ඔබ මේ වෙනුවෙන් උනන්දුවක් දක්වනවනම් කරුණාකර මේ දුරකථන අංකයට අමතන්න.
071-2933180 .
නැත්නම් ස්කයිප් හරහා එක්වන්න ckumara32

ජාති ආගම් භේදයකින් තොරව මේ පින්කමට දායක වන්න.

මම සතවයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා.

.